Thursday, January 29, 2015

කේලමක් කළ දෝෂයක්

කේලමක් කළ දෝෂයක්
නිකරුණේ නුඹ සැක කළා මං
දඬුවමක් දී වෙන්වුණා නුඹ
කේලමක් කළ දෝෂයක්

ඉපදෙනා ජාති ජාතිත්
නුඹ මගේ මා නුඹේ
කී පොරොන්දුව
දියෙන් ගොඩගත් මසෙකු සේ
නැසී නොනැසී පණ ගසයි

අවි රැගෙන ලෝකයක් ආවත්
වෙන් කරනු අප නොහැක කී
අධිෂ්ඨානය
තෙල් සිඳී ගිය පහන සේ
නිවී නොනිවී දැවී යයි



No comments:

Post a Comment