Tuesday, January 27, 2015

හුරුළු වැව

හුරුළු වැව හැම පෝයටම සඳ
දිය මතට ගෙන එයි
දිය සිඹින සඳ මද පවන විත්
දිය සසල කරවයි

වේදනාවක අයිතියක්
හදවතට මිස වෙන කාට තිබුණිද
වැව් දියට වූ අයිතියක්
නොළුමකට මිස රෑ සඳට කුමටද

ඉරිතලා දිය සිඳී යත්
සඳවතක පෙම කොතැන තිබුණිද
දුකේදිත් ඇති ප්‍රේමයක්
නෙළුමටම මිස කාට දැනුණිද

No comments:

Post a Comment