Monday, January 26, 2015

ආලය යළි ඇවිදින්

කාලය ගෙන ගිය
ආලය යළි ඇවිදින්
හසරැළි සළු හැඳ
කඳුළැලි මුතු බැඳ
ආලය යළි ඇවිදින්

අතෙහි මල් මිට රැගෙන
දෙපස මල් ගැන තැවෙන
මල් මාවතක් ගැන කියූ
ගීය එයමයි
තනුව පමණක් වෙනස් වූ

හිතෙහි දුක් සතපවාගෙන
අනුන් දුක ගැන තැවෙන
එක ප්‍රේමියක් නෙත ඉනූ
කඳුළ එයමයි
දෑස පමණක් වෙනස් වූ

වර්ණකුලසූරිය

No comments:

Post a Comment