Sunday, January 25, 2015

බඳුන

බිඳුණු දෙන් බිඳෙන්නට යන
බඳුන බිඳුණු දෙන්
හඬන හදවත තවත් හඬවා
බිඳුණු දෙන්

රුවනින් කරවා මිදි යුෂ ලූවත්
සේද පලසක දවටා තැබුවත්
රැකගැනුමට සිය දහසක් යෙදුවත්
බිඳෙන දේ බිඳෙනවාමයි

මැටියෙන් තනවා ඇල් දිය ලූවත්
රළු මහ පොළවට විසිකර තැබුවත්
රැකුමට සෙවුමට කිසිවෙක් නැතුවත්
රැකෙන දේ රැකෙනවාමයි

2 comments:

  1. බිඳුන හදවත තවත් නොබිඳ නු

    ReplyDelete
    Replies
    1. බිඳෙන හදවතට බිඳෙන්නට දී මම බලා හිඳිමි
      ස්තූතියි හංසි

      Delete