Tuesday, January 27, 2015

විරහවේ පිළි මසන්නිය

විරහවේ පිළි මසන්නිය
මසා නිමකර දෙනු මැනවි
නපුරු ලෙස ඉරා ඇති
මගේ තනිකම් සළුව මට

නුඹට වෙන් කළ අසුන හිඳිමින්
මතකයම අවදි කර
කඳුළු දිය බී
හදට ඉඳිකටු තුඩින් ඇන
මසා නිමකර දෙනු මැනවි
මගේ තනිකම් සළුව මට

නුඹට නුපුරුදු සතුට දකිමින්
චිතකයේ දැල්ව යන
පළුදු වී ඇති
හදට ඉඳිකටු  තුඩින් ඇන
මසා නිමකර දෙනු මැනවි
මගේ තනිකම් සළුව මට


4 comments:

  1. දැක්කා ඔබ මාතාගේ සින්ඩියේ ලියාපදිංචි වෙලා ඉන්නවා.... තව තවත් සින්ඩි බලලා ලියාපදිංචි වෙන්න... අනික් බ්ලොග් සගයින්ටත් ඒක සහයක් වේවි මේ පැත්තට ඒන්නන...

    ReplyDelete
    Replies
    1. ඔව් කිහිපයකටම අයදුම් කළා ගී පවුර. දැනුවත් කිරීමට බොහොමත් ස්තූතියි.

      Delete
  2. මේක ගීතයක් හිතා තියාගෙන ලියපු එකක්ද? දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගයේ තිබෙන කෙටි කවි ඇර ඉතිරි ඒවා සේරම ගී ලෙස සිතා ලියපුවා.
      මේ පැත්තට ආවට ගොඩක්ම ස්තූතියි.
      ජය!

      Delete