Thursday, January 22, 2015

තනිකම


තෝඩුවක් මුදුවක්
මුතු පබළු මාලයක්
අස්වසාලයි ප්‍රේමයේ
ගිලන් වූ හදවතක්

මතක සැමරුම් අයාලේ ගොස්
අතීතය මී විතට ලොල් විය
ආදරේ චේතනා
රකින්නට විය
හදවතට තනිකම්

ප්‍රේම සිතුවිලි මිලින වී ගොස්
ජීවිතය රාත්‍රියට බිලි විය
ආදරේ වේදනා
කරන්නට විය
තනිකමට සරදම්

No comments:

Post a Comment