Monday, January 19, 2015

මතකය

ඇයි හිමියනේ ගෙන නොමගියේ
දුකින් පිරි මේ මගේ මතකය

ගෙල සිඳින්නට නියම වී ඇති
වැරදිකාරිය වන්නෙමී......
අභිමුවේ කග මුව තබන
මතකයයි අලුගෝසුවා.....

සිඳී යන්නට පතසන්ව ඇති
විලෙක මින්රුව වන්නෙමී....
දුරක සිට තුඩ පිස දමන
මතකයයි පිළි කුරුල්ලා...

No comments:

Post a Comment