Tuesday, January 27, 2015

නුඹේ තනිකම

ඔබේ තනිකම ඔබේ පාළුව
තරණය කරන්නට
මගේ සෙනෙහස අවැසි වූයේ
පහුරක් බඳින්නද

ඝනඳුරෙන් නුඹ පෙළෙන විට මා
පහන දැල්වූවා
හිර කිරණ නෙත ගැටෙද්දී නුඹ
පහන් සිල නිවුවා

තනිකමින් නුඹ තැවෙන විට මා
දෑත දිඟු කෙරුවා
පුරුදු ලෝකය ලැබෙද්දී නුඹ
අත්වැලින් මිදුණා


No comments:

Post a Comment