Monday, January 12, 2015

සිත

මින්දද විදි මල් හී සරයේ
මල් පරවී යන්න එපා
සැකයෙන් විදිනා ගිනි සරයේ
ගිනි ඇවිලී යන්න එපා

සෙනෙහස් කෙත ළඟ
හොරගල් අහුලන
කුරුලු හොරුන්ගෙන්
කෙත රැකගන්නට
වැරහැලි හැඳගෙන
බොරු බිය ගන්වන
සිත පඹයෙක් නම් වෙන්න එපා

සෙනෙහස් මල මත
රොන් රිසියෙන් එන
සමනල් රෑනෙන් මල රැකගන්නට
බැරිව වියරු වී
පෙති කා දමනා
දළඹු සිතක් ඇති වෙන්න එපා

2 comments: