Monday, December 1, 2014

උවැසියක වූ පෙම්වතී

උවැසියක වූ පෙම්වතී
දෑල රත්මල් තෝඩු මුදවා
වතු සුදෙන් සුද පෙරවගෙන
සිහිල් සඳවන් නිකිණියේ

බෝ පතින් උපදින සිලිසිලිය
දැහැන බිඳ පලා යයි
පහන් සිල සුළඟින් නිවූ
බලා සිත දැහැන්ගත කරවයි

පෙර මුවින් සුගැයුණු
නුරා ගී දෙනෙත නුඹ සොයා එයි
සුවඳ සිල් පලසින් වසා
නුරා සිත අරාජික කරවයි

No comments:

Post a Comment