Wednesday, December 10, 2014

සිල් අරගත් අපෙ අම්මා

බිනර මලේ පෙති සැලෙනා
බිනර පෝය දා
ඇවිදින කිරි වෙහෙර වගේ
සිල් අරගත් අපෙ අම්මා

හීල අරන් අපි එනකොට
මූණු පොඩිය හඳක් වගේ
හතර මහා නිදානයක් ලැබිලද මන්දා
හිනා මලක් මුව අග පිපුණා

අනුමෝදන් පිං දෙනකොට
දෑස පියාගෙන හිටියේ
දෙව්ලොව ගිය තාත්ත ගැන හිතිලද මන්දා

කඳුළු මලක් ඇස් අග පිපුණා

No comments:

Post a Comment