Sunday, December 7, 2014

නියඟය

කිරි කුරහන් උගුලයි වියැළුණු සුසුම
මාදං කැලේ මාදංවල ඉකි බිඳුම
දෙවියනි අසනු මැන රුදු නියඟෙක තරම
වැව් බිම පළා සඟවා ගති සුදු නෙළුම

අම්මා සොයයි නැති කුරහන් බැස බිස්සේ
අප්පා සොයයි කටුවල කටුරොද අස්සේ
අමතක වෙලත් නෑ කිසිවක් දුම් මැස්සේ
කා රවටන්න දෝ මේ වැහි පොද ඉස්සේ

නියඟය ගිය පසුව එන්නේ වැහි සමය
වැහි සමයට පසුව එන්නේ මල් සමය
නියඟය අපට බුදුරිදු දෙව්දත් සමය
නියඟෙට අසුවන්ට නොදෙනෙමි බුද සමය

No comments:

Post a Comment