Monday, December 1, 2014

පිහිට වී යන්ට අවසර

ගයන ගී මවන සත්සර
සලිත වී නටන අත්දර
මවිත වී පිනන නෙත් දන
පිහිට වී යන්ට අවසර

සේද සළුවත් වැරහිලිත්
අතර වෙනසක් නොදන්නා
දුගී කුස පිළිසිඳි පවක්
රාව සත්සර මවන්නා

වේදිකාවත් වීදියත්
අතර වෙනසක් නොදන්නා
කුසෙහි හටගත් ගින්දරක්
වන්නමක් වී නටන්නා

No comments:

Post a Comment