Tuesday, December 9, 2014

බඹරු ඇවිදින්

බඹරු ඇවිදින් ඇවිස්සී
පරිගණකයෙන් දුරකථනයෙන්
ඈ මෙවලමේ කළු සිදුරකින්
බඹරු ඇවිදින් ඇවිස්සී

බාල මහලුද නෙක වයස්වල
උගත් නූගත් නේක තැන්වල
අමා දම් දිය සිඳුණු සිත්වල
නවාතැන් සොයාගෙන

නොහඳුනති උන් බාල දියණිය
නොසලකති උන් සොයුරි මෑණිය
බිඳෙන් බිඳ ලොව නැගෙන අඳුරේ
පෙරනිමිති කියාගෙන


8 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. බලාගෙනයි
      බඹරු ඇවිත්
      පරිස්සමින්
      බඹරු විසයි
      මල් තලලා
      රොන් උරලා
      තවත් මලක්
      සොයා ඇදෙයි .... :)

      Delete
    2. මගේ බ්ලොගයට ලැබුණු දෙවැනි කොමෙන්ටුව
      සාදරයෙන් පිළිගන්නවා
      ඉදිරියටත් අදහස් ලැබෙනවානම් අගය කරමි

      Delete
    3. සැලකිය යුතු මල් ප්‍රමාණයක් මේ නිල් බඹරු වනසලා
      වනසලා මදිවට
      රවටලා වනසන හැටි සලරූ දසුන් කරලා
      මහ දැලට මුදාහැරලා
      ඉතිරිය රැකගැනීමයි වැදගත්
      කොමෙන්ටුවට තුති swan

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. බ්ලොගේට යන එන අයට නවාතැන් ගන්න කෝ මේ බ්ලොගේ ෆලෝ ගජෙට්ටුවක් ? ..අපි එකත් දාල වර්ණ කුලකයෙන් වර්ණ ටිකකුත් අරන් සරසල ගමු නේද :) .. ජයවේවා... තව තව ලස්සන වෙනස්ම කවි ලියන්නෝ .... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දැනුවත් කළාට.
      ෆලෝ එකක් ගන්නේ කොහොමද?

      Delete
  4. blogger layout වල add gadget වලින්

    http://www.southernspeakers.net/2013/02/adding-followers-gadget-in-blogger-post.html

    ReplyDelete