Sunday, December 7, 2014

තොලකට වියැළී

තොලකට වියැළී
උගුරෙන් ලේ රස මතුවී
උනුන් පරදවා නොනිමෙන සටනකි
පදික වේදිකාවේ

දහසක් අරමුණු මත පා තබමින්
හිස් ලූ ලූ අත යන මිනිසුන්
ඇසෙන වර්ණනා ඝෝෂා හමුවේ
අවැසි නැතත් ගැනුමට සිත් දේ

පාට පාට නෙක සිහින විකුණමින්
කළු සුදු වූ සිහිනය දකිමින්
තබන විරාමය මේ සැන්දෑවේ
බෝපත් සෙලවෙන හඬ මතුවේ


No comments:

Post a Comment