Sunday, December 7, 2014

දස මර සෙන්

දස මර සෙන් ගිනි දිය නා
අවරගිරි නෙතින් පැළට වඩී
නැති වරදින් හිස බමනා
කිසාගෝතමී සළුව බිඳී

රාජ බොජුන් කට කොනින් හලා ගත්
අලව් යකුන් ලුණු රසම සොයයි
නැති ලුණු රස නෙත් කොනින් සොයන්නට
අමල් බිසව් නෙත් කඳුළු උනයි

මැරුනෙකු සේ පසුදින ඉපදී ගත්
දේවදත්ත නව ගුණය ගණියි
නවදැලි හේනේ දෑව වැඳිරි රුව
අලුයම දෙව් රුව ලෙසින් දකියි


No comments:

Post a Comment