Tuesday, December 9, 2014

රැකවලා

පහන් සිල ගෙයි රැකවලා
වීදි පහනට තෙල් දමා
මලුත් කඩුවත් අතින් ගත්
නුඹය මාගේ රැකවලා

පොළව විද තෙපි මතුවුණේ
කොහිද දැන් නිල් මොනරුනේ
ඉඟුරු ඉස්මෙන් කුස වඩත්
ගෙදර කිරමයි මිදවුණේ

දුහුල් අඳිනා මියුලැසී
මකුළු දැල් වහලය පිසී
කන්ද හැර කෙන්ද දැක
රළුපරළු ගල් වැසි වසී


No comments:

Post a Comment