Sunday, December 14, 2014

මවු තුරුළ

දෑස හැර බලද්දී හිස් අහස පමණයි
කිරි සුවඳ වෙනුවට කසළ දුඟචයි
මවු තුරුළ නොව මේ කසළ බඳුනයි

අම්බපාලී පරපුරේ මවු
බොහෝ දුර ගොස් හැරී බැලුවා
දරු සෙනෙහසක් මුසු වරදකාරී හැඟුමකින්
කසළ පිරි ලෝකයට යළිත් පියමැන්නා

මිත්‍යචාරී කාමයේ නුඹ
උරුමකරු වී උපත ලැබුවා
කුස ඉඳුලකට ඇදි සුනඛ ධේනුව දුටු සැණින්
මවු සිතා කිරි මුව අගට සිනහවක් නැගුණා

No comments:

Post a Comment