Monday, December 1, 2014

ගැහැනියක්

ගැහැනියක් සොයා ගිය ගමනක්
බිළිඳියක් දැරියක් නව යොවුන් යුවතියක්
හමුවුණා ගැබිනියක් පුතු වඩා ගත් මවක්

දොස් ලබා අභිසාරිකාවක්
උපහාසයන් විඳි සැඳෑවක
මහලු වී අනියත නෙතින් ලොව
හමුවුණා පන්සලට යන උවැසියක්

ගැහැනු වී ඉපැදීම පාපයක්
අවලාදයන් නැගි මාවතක
මුඩු හිසින් සන්සුන් නෙතින් ලොව
හමුවුණා බුදුමගෙහි යන මෙහෙණියක්  

No comments:

Post a Comment