Monday, December 1, 2014

දරු නෙත් මිණි කැට

කූඩය පුරවා පස් ගෙන ආවත්
කීයෙන් කීයද මිණි මතුවන්නේ
ඉඳහිට හෝ දළමක් මතුවූවත්
කීයෙන් කීයද අප සතුවන්නේ

සීතල වතුරේ හිත දියවෙනකොට
කූඩැල්ලෙකු පය ලෙය උරවන්නේ
දරු නෙත් මිණි කැට සිහියට එනවිට
සීතල සිරුරෙන් දුක පහවෙන්නේ

ඉඳහිට මතුවන මැණික සතුටමැයි
දුක සේදූ පස් කඳ වැන්නේ
කවදා හරි මේ දුක දිය කරදා
සදාතනික මිණි කැටය ලබන්නේ


No comments:

Post a Comment