Wednesday, December 3, 2014

ගුරු සිත රිදුණා

ගුරු සිත රිදුණා පාළු සැදෑවක
එක මාවතක පියමනිද්දී

අකුරු තුරුලේ දඟ කෙරූ
පෙර පුරුදු නෙත
වීදියේ කොණ
නැගෙන විස ධූමයන් මැද
නොරිදවා සිත වහන් වෙද්දී

ප්‍රේමයෙන් පාසල වැරූ
පෙර පුරුදු මුව
ජීවිතේ බර
රැගෙන යන වේදනා මැද
නොරිදවා සිත සිනාසෙද්දී 


No comments:

Post a Comment