Thursday, December 18, 2014

අතු අගට මල්

අතු අගට මල් දුන්න තරුමයි
නටු මැදට කටු දී තිබෙන්නේ
මුව අගට මධු පෙවූ අයමයි
පසු ඔබට විස දී තිබෙන්නේ

එදා සිහිලැල් ගඟුල විලසින්
මගේ තුන් සිත නිවාලූ නුඹ
මෙදා කේලම් බස් වැසිනි පිරි
ඉවුර සිඳගෙන ගලන්නෙත් නුඹ

එදා සඳ වී හිනැහුනෙමි මා
මැලවෙන්න ගිය මලට දහසක්
කුමුදිනිය ඔබ හිනැහෙන්න අද
බැස යන්න යන සඳට මොහොතක්

No comments:

Post a Comment