Wednesday, December 17, 2014

දික්තලා වියපත් වෙලා

දික්තලා වියපත් වෙලා
ආලයට දුක් දැරූ
පෙම්වතා හැරදැමූ
දික්තලා වියපත් වෙලා

රූපයේ අසිපතින් ආලයේ ගෙල සිඳින
පසුව ගෙයි මුලු පුරා
ආදරේ සොය සොයා යුද වදින
වීරවරියනි බලන් නුඹගේ ගුරුවරිය
දික්තලා වියපත් වෙලා

කාසියේ දූලියෙන් ආදරේ වළ දමන
පසුව මතකය දිගේ
ආදරේ සොය සොයා දිව ඇදෙන
දූතිකාවෙනි බලන් නුඹගේ ගුරුවරිය
දික්තලා වියපත් වෙලා

No comments:

Post a Comment