Sunday, December 14, 2014

කෙඳිරිලි ගීතය

කෙඳිරිලි ගීතය ඈතින් මතුවුණි
හඬට මුසව ගොස් පළඟැටි වීණා
අඳුරේ තනිවූ වනපෙත විනිවිද
වියපත් මිනිසෙකු කුටියක රැඳෙනා

රැයට තුරුලු වූ කටු මැටි බිත්තිය
සීතල තුළ උණුසුම සෙව්වා
දුබලව වැහැරුණු කුප්පි ලාම්පුව
අඳුර සමග සටනක යෙදුණා

වියැළුණු තොල් මත ඉපිලෙන ගී තුළ
උලලේනෙකු අරුතක් සෙව්වා
මරණය සිතුවම් කර අනියත බිත
රහසක් සිතකට අත වැනුවා


No comments:

Post a Comment