Wednesday, December 10, 2014

සිප් කිරි

මවු කිරි පෙවූ මගෙ අම්මා හැරුණු කල
සිප් කිරි පෙවූ ගුරු අම්මා සඳකි මට
ගත දා බිඳු සැලූ මගෙ පිය හැරුණු විට
නැණ දා බිඳු සැලූ ගුරු පිය හිරුය මට

හිස් කල ගෙඩිය අරගෙන ගොස් දොළ වෙතට
පුරවා උකුල ගත් මව සම සිරිකතට
පුරවන නැණ නුවන නොපිරුණු සිත්වලට
සරසවි දේවියකි ගුරු මව සිප්හලට

උදලු පහර දී සෙනෙහෙන් කෙත් බිමට
පියතුම වරම් දෙයි පීදුණු ගොයමකට
වේවැල් පාර දී නිසිතැන නිසි කලට

ගුරුපිය වරම් දෙයි පීදෙන නැණ මලට

No comments:

Post a Comment