Monday, December 1, 2014

ඉපදීම වරදක්ය

ඉපදීම වරදක්ය
අසම්මත රාගයක දායාදයක් වී
නීතියට පටහැනිව
මවු කුසට පැමිණීම වරදක්ය

ලොව දකින්නට වරම් නොලබා
අලුගෝසු අඬුවෙන්
හිස ද අත්පා
වෙන් කරන්නට තරම් වූ

ලොව දකින්නට වරම් ලැබුවත්
ගඟක හෝ අකුලක
කසළ බඳුනක
සිරකරන්නට තරම් වූ

No comments:

Post a Comment