Monday, December 1, 2014

අම්මා යන නම

අම්මා යන නම
සිනිඳු රෝස අතරේ
ගොරහැඩි කුළු අතරේ
සොයා වෙහෙස වූයේ නම්

කිරිකැටි දෑසින් මෙලොව දකින
මුදු කෝමළ ඇති බිළිඳෙකුගේ මුව
උණුසුම ඉල්ලා නිතැතින් නික්මෙන
මොලකැටි වදනෙහි අම්මා යන නම
සොයන්න මදකට

අවජාතක වී ලොවෙහි උපන්
රළු සැඩ ගති ඇති මිනිසෙකුගේ මුව
බිය දුක් කරදර අභිමුව කියැවෙන
නිරයස් වදනෙහි අම්මා යන නම
සොයන්න මදකට

No comments:

Post a Comment