Tuesday, November 25, 2014

දුකින් පිරි මගේ මතකය

ඇයි හිමියනේ ගෙන නොමගියේ
දුකින් පිරි මේ මගේ මතකය

ගෙල සිඳින්නට නියම වී ඇති
වැරදිකාරිය වෙමි
අභිමුවේ කග මුව තබන
මතකයයි අලුගෝසුවා

සිඳී යන විල් තලයෙ තනිවූ
මත්ස්‍ය රුව වෙමි
දුරක සිට තුඩ පිස දමන‍

මතකයයි පිළි කුරුල්ලා

No comments:

Post a Comment