Tuesday, November 25, 2014

සිත ළඟ හිමිහිට

සිත ළඟ හිමිහිට තනි රකිනා
නුඹගේ සෙනෙහස සිහිනයකී
නොසිතු නොවිරු ලෙස මනබඳිනා
ඒ සිහිනය මට ගීතයකී

මුදු පිහාටුවෙන් සුදු වළා රොදෙන්
සුදු ඕළු මල් රතු පාට කරන්
මගෙ හීන ලොවට දෙව් ලොවින්
ආවාද ආදරේ අරන්

බිඟු පියාසරින් තැනි තලාවකින්
දොළ හඬනා දිය යාළු කරන්
මගෙ දොතොල් අගට කව් ලොවින්
ආවාද ආදරේ අරන්


No comments:

Post a Comment