Tuesday, November 25, 2014

ප්‍රේමයේ අවශේෂයන්

ඉන්න සොඳුරිය තවම ළං වී
සමුගන්න මොහොතක් තියා
ගෙනයන්න මේ
ප්‍රේමයේ අවශේෂයන්

ආදරේ නොසන්සුන් වීණාව බිඳ දමා
ගෙනයන්න සොඳුරියේ
මතකයේ තත් රැහැන්
ස්වරය පමණක් මට තියා

ජීවිතේ අරුත් මුසු යොවුන් දිය බිම දමා
ගෙනයන්න සොඳුරියේ
අතීතේ හිස් කලස

පවස පමණක් මට තියා

No comments:

Post a Comment