Wednesday, September 17, 2014

නිරාමිස ප්‍රේමය

අහිමි නුඹට පෙම් බැඳ
මගේ සිත සුව විඳී
නිරාමිස ප්‍රේමයේ

මා වෙලූ සිහිනැඟිලි තුඩ
වෙලාගෙන යයි සිහිල් සුළඟේ
තවම හිනැහෙන නුඹ දිහා
බලා මා දෙනුවන්
සුව විඳී නිරාමිස ප්‍රේමයේ

මා දිනූ සුසිනිඳු කොපුල්
තෙමා හිරිකඩ හඬයි රහසේ
තවම තනිකඩ නුඹ දිහා
බලා මා දෙනුවන්
සුව විඳී නිරාමිස ප්‍රේමයේ

No comments:

Post a Comment