Wednesday, September 17, 2014

කෝන් කැලේ අනුහස්

වවුලෝ එති ආපසු යති
හේන ගලේ ඉර ගහලා
මූකලානෙ හඳ අරගෙන
කෝන් කන්න රෑ ජාමේ
වවුලෝ එති ආපසු යති

රෑ කළුවර මැද වෙනකම්
වවුලන්ගේ සරසරයයි
කෝන් නැතත් පහළ ගමෙත්
රෑ පුරාම වවුල් ගඳයි

අවාරෙටත් කෝන් තියෙන
කොන් කැලේ පුරසිද්ධයි
කෝන් කැලේ අනුහස් ළඟ
විදානෙලත් නිස්සද්දයි

No comments:

Post a Comment