Wednesday, September 17, 2014

අතීතය දෙස හැරී බැලුවා මං

රිදී සුළඟට රුවල් බැඳගෙන
දිවි සයුර යන අනවරත ගමනේ
අතීතය දෙස හැරී බැලුවා මං

දිරාගිය මහ ගෙදර මිදුලේ
පාට පිච්චුණු චීත්තේ
සුපිපි කුසුමක් සොයා වෙහෙසුණු
නුඹව දුටුවා මං

තුරුණු සැණකෙළි සාද අතරේ
මගෙන් ගිලිහුණු ජීවිතේ
බොඳව ගිය සිතුවමක හිනැහෙන
නුඹව දුටුවා මං

No comments:

Post a Comment