Wednesday, September 17, 2014

ගඟන ගැබ්බර වෙලා

සමාවෙයන් පුතුනේ
කාක තුඩින් හිස ලේ මතුවූවා නම්
නේක ගැහැට සරදම් හිමිවූවා නම්
අසරණයි මේ කෙවිලි අම්මා

හීන ලොවක් මැවු නුඹේ තාත්තා
කුසට බරක් දී ඉගිල ගියා
ලොවට කෑ ගසා කියන්න සිතුණත්
නිහඬව උන්නෙමි සෙනෙහස හින්දා

කපුටු මැදුර තුළ නුඹව වැදූයෙමි
කඳුළු පිරුණ හදවතින් එදා
නින්දා ගැරහුම් අපමණ ලැබුණත්
ඉවසා උන්නෙමි සෙනෙහස හින්දා

No comments:

Post a Comment